Contact Admin 078 6092265, E-mail Admin@MeeVitha.info

සාමාන්‍ය රූප ස්වභාව :

පළල් වූ උරහිස් වලින් යුත් සම්පූර්ණ ව වැඩුණු දේහයක් වෙයි. බඩ සිහින්ය. තේජවන්ත පෙනුමක් ඇතිවේ. ලොකු හිසක් වේ.

රත් පැහැ සම වේ. උරහිස් සමහර විට බොහෝ පළල් වේ.

 

ගතිගුණ :

රවි හිමි සිංහයෙහි උපන්නේ ආත්ම ශක්තියෙන් යුත් දියුණු වීමේ තද ආශා ඇති එඩිතර ගති ඇත්තෙක් වේ. චිත්ත ධෛර්ය

නිසාම විපත් වලින් මිදී මතුවෙයි. ආත්ම විශ්වාසය නිසාම ඕනෑම බැ?රුම් කටයුත්තක් කිරීමට භාර ගනී. මහ බලාපොරොත්තු

නිසා සුළු වැඩ හා සුළු වැඩ කරන්නන් නුරුස්සයි. ආ ගිය තැන ප‍්‍රධානත්වය දරයි. අන්තිම මොහොත දක්වා වෙනස් නොකරණ හිත

නිසා මූලිකත්වයට හා ප‍්‍රසිද්ධියට පැමිණේ. මන්ත‍්‍ර ශාස්ත‍්‍ර, කාව්‍ය ශාස්ත‍්‍ර, චිත‍්‍ර කර්මාන්තාදියට පි‍්‍රය වේ. ඒවායේ ද

දක්ෂ වෙයි. සිහි කල්පනාවෙන් යුක්තව ක‍්‍රමානුකූලව කටයුතු කරන්නෙකි. එයින්ම ජීවිතයේ ජය පක්ෂය භජනය කරයි. කෙනෙකුට

පළමුවෙන් තමා වරදක් නොකරයි. ආඩම්බර වේ. තමාගේ අඹුදරු ආදීන්ගේ වරදක් තමාගේ වැඩිහිටියෙකු වුවත් පෙන්වනවාට

කැමති නැත. රජ පාක්ෂික වේ. අන්‍ය්‍යනගෙන් ගරු බුහුමන් නිරායාසයෙන් ලැබේ. හරි හෝ වැරදි හෝ වේවා තමා ගත් අදහසම

ක‍්‍රියාවේ යෙදීමට උත්සාහ ගන්නා ගතියක් තිබේ. බඩගිනි ඉසිලීමට දක්ෂ වේ. මහා වේගවත් පාලකයෝ මේ රාශියේ ඉපදී

සිටියහ. දැනුදු සිටිත්. දුර්වලකම් හැටියට පෙනෙන්නේ තමාගේ තීන්දුව වෙනස් නොකිරීමට සිතීමත් පතල වීමට හා අන්තිම

තීන්දුව දීමට ඇති ආශාවත් වේ.

රෝග :

හෘදයේ හා කොඳු ඇටයේ රෝගවලට භාජනය වෙයි. වැඩි වියේදී වකුගඩු රෝග ද මුත‍්‍ර රෝග ද සෑදේ. සිංහයෙන් උපන් අයට තනි

රතු, දියමන්ති බෙර්ලියන්තු පැළඳීම යහපති.

 

 
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.info - Hotline 078 6092265
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.info . All rights reserved.