Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

ශ්‍රී ලංකා -මාලදිවයින යා කළ මත්ද්‍රව්‍ය ජාවාරමක

ශ්‍රී ලංකාව හා මාලදිවයින සම්බන්ධ වෙමින් ක්‍රියාත්මක වූ දැවැන්ත නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් ඡාලයක් පිළිබඳව අනාවරණය කරගැනීමට මාලදිවයින් පොලිසිය සමත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ නියෝජිතයකු හරහා මෙම මත්ද්‍රව්‍ය ගුවනින් ප්‍රවාහනය කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කර තිබේ.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බවට සැකකෙරෙන ඉබ්‍රහිම් ෂාෆස් අබ්දු රසාක් නම් පුද්ගලයා මාලදිවයින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම දැවැන්ත මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව අනාවරණය කරගැනීම සඳහා "ඔපරේෂන් චැලේන්ජ්" නමින් 2009 වසරේ සිට විශේෂ අඛණ්ඩ මෙහෙයුමක් ද දියත්කර ඇත.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය 2005 වසරේ සිට ෂෆස්ගේ නායකත්වය යටතේ තවත් පුද්ගලයින් තිදෙනෙකුගේ සහයෝගය මත ක්‍රියාත්මක වී ඇති අතර එම සියලුම පුද්ගලයින් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.


 

 


Copy by = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.