Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

බත් එපා කරවීමේ විදෙස් කුමන්ත්‍රණයක්! - නියෝජ්‍ය ඇමැති ඒකනායක

රටේ සහල් පරිභෝජනය වැඩි වීමත් සමඟම ජනතාවගේ බත් කෑම නතර කිරීමට විදෙස් බලවේග කුමන්ත්‍රණය කරමින් සිටින බව, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ නියෝජ්‍ය ඇමැති ඩබ්ලිව්. බී. ඒකනායක මහතා පවසයි.  සහල්වල ආසනික් ඇති බව පවසමින් ජනතාව සහල් පරිභෝජනයෙන් ඈත්කර වීම ඔවුන්ගේ අරමුණ වූ බව ද හෙතෙම සදහන් කරයි.

පාන්පිටි මිල වැඩිවීමත් සමඟම පසුගිය කාලයේ සහල් පිටි හා සහල් පරිභෝජනය ඉහළ ගිය අතර එයින් දේශීය ගොවියා ශක්තිමත් වූ බව ද නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටි.

කෘෂිකර්මාන්තයේ දියුණුව දරා ගත නොහැකි වූ ඇතැම් සමාගම් හා විදේශ රටවල් මේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරමින් ආසනික්’ පිළිබඳ කතාවක් රටපුරා පැතිර වූ බව ද ඔහු අවධාරණය කරයි.

නියෝජ්‍ය ඇමැති ඩබ්ලිව්. බී. ඒකනායක මහතා මේ අදහස් ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුවේ දිනමිණ පුවත්පත  සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

එහි දී අදහස් දක්වමින් ඔහු මෙසේ ද කියා ඇත.

''ශ්‍රී ලංකාවේ සියයට 70ක් පමණ පිරිසක් ප්‍රධාන ආහාරය වශයෙනුත් තුන්වේලටම බත් කරන්න පුරුදු වූ අයග අද රටේ නිරෝගී පරපුරක් ඉන්නේ බත් කාපු නිසයි. වී ගොවියා තම නිෂ්පාදන සඳහා පොහොර යොදන්නේ යම් කිසි ප්‍රමිතියකටයි. නිසි ප්‍රමිතියකට අනුව පොහොර යොදා කරන නිෂ්පාදන ලෝකයේ කිසිදු රටක නැහැ. ශ්‍රී ලංකාව කවදාවත් බත් කන්න පිටරටට අතපාන රටක් නෙමෙයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මහින්ද චින්තන ප්‍රතිපත්ති අනුව වී ගොවියාටත්, කෘෂිකර්මාන්තයටත් වගේ ම රටේ සෙසු කර්මාන්ත සඳහාත් සහන ලබා දී තිබෙනවා. එම නිසා රට ස්වයංපෝෂිත දේශයක් වීමේ පෙර නිමිති තිබෙනවා. එම තත්ත්වය සෙසු යුරෝපා රටවලට දරා ගන්න බැහැ. ඔවුන් කරන්නේ විවිධ චෝදනා නගමින් එම රටවල් තම යටතට පත් කර ගැනීමටයි"


 

 


Copy by = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.