Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

රිය අනතුරකින් බොක්සිං ක‍්‍රීඩිකා ඉරේෂා මරුට

නුවර සිට කොළඹ බලා අධික වේගයෙන් ධාවනය වූ වෑන් රථයක් නෙලූන්දෙණිය හන්දිය ආසන්නයේදී පාරෙන් ඉවතට පැනීම නිසා සිදුවූ රිය අනතුරකින් දක්ෂ බොක්සිං ක‍්‍රීඩිකාවක් වූ ටී. එල්. බුද්ධිකා ඉරේෂා අබේවර්ධන මෙනවිය මියගොස් තිබේ.

පසුගිය සෙනසුරාදා (25) සිදුවූ මෙම අනතුරින් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතරල තුවාල ලැබූ දෙදෙනා කෑගල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

බොක්සිං කී‍්‍රඩිකාව මියයන විට විසිපස් හැවිරිදි වියේ පසුවූවාය.

මෙසේ මියගොස් ඇත්තේ නෙලූන්දෙණිය නුවර පාරේ පදිංචිව සිටි මාස්හෝල්ඩිං සමාගම් සමූහයේ තුල්හිරිය කම්හල නියෝජනය කළ බොක්සිං ක‍්‍රීඩිකාවකි.

ඇගේ පියා විදෙස් ගත රැකියාවක නිරතව සිටින අතර දියණියන් පස්දෙනෙකු හා පුතකුගෙන් යුත් පවුලේ ඇය තුන්වැන්නාය.

නිවෙස අසල වෙළෙඳ සලකට යමින් සිටියදී ඇය මෙම අනතුරට ලක්ව ඇතැයි පැවසේ.

අනතුරට ලක්වූ වෑන් රථය ඇය යටකරගෙන ගොස් නැවතී ඇත්තේ දුරකතන කණුවක් හා වෙළෙඳසල් 2 ක්ද කඩා ගෙන ගොස් බව වාර්තා වේ.

පොලිස් අත්අඩංගුවේ පසුවන රියැදුරු හා වෑන් රථයේ ගමන් කළ තවත් කාන්තාවක් කෑගල්ල ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබන බවද පැවසේ.


 

 


Copy by = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.