Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

සමලිංගික විවාහ සඳහා නිව්යෝක් හි ඉඩ

ඇමෙරිකාවේ නිව් යෝක් ප‍්‍රාන්තය විසින් සමලිංගික විවාහ නීත්‍යනුකූල කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ සඳහා නිව් යෝක් ප‍්‍රාන්ත සෙනෙට් සභාවේ අනුමතිය ලැබී ඇති අතර, නිව් යෝක් ආණ්ඩුකාරවරයා විසින් මෙම පනතට අත්සන් තබමින් එය නීතිගත කර ඇත.

මෙය දැවැන්ත ජයග‍්‍රහණයක් බව සමලිංගික අයිතීන් වෙනුවෙන් ක‍්‍රියාකරන්නන් පවසන අතර, මාසයක කාලයක් තුළදී නිව් යෝක් හි සමලිංගික විවාහ සිදුවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

නිව් යෝක්, සමලිංගික විවාහ නීත්‍යනුකූල කිරීමට පියවර ගත් සය වන ඇමෙරිකානු ප‍්‍රාන්තයයි.

කනෙක්ටිකට්, ඉයෝවා, මැසචූසෙට්ස්, නිව් හැම්ප්ෂයර්, වර්මොන්ට් හා කොලූම්බියා යන ඇමෙරිකානු ප‍්‍රාන්ත වල සමලිංගික විවාහ නීත්‍යනුකූල වේ.


Copy by = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.