Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

ජයසූරිය පිතිහරඹය හමුවේ ලංකාවට පුහුණු තරගයෙන් ජය

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තයේ වුස්ටර්ෂයර් ප‍්‍රාන්ත කණ්ඩායම අතර ඊයේ (ජුනි 22) පැවති පන්දුවාර 50 පුහුණු ක‍්‍රිකට් තරගය ලකුණු 57 කින් ජයගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය ලබාගත් ශ‍්‍රී ලංකා පිල ප‍්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර පන්දුවාර 50 අවසානයේ කඩුළු 5 ක් දැවී ලකුණු 351ක් ලබාගැනීමට සමත් විය.

කලකට පසුව යළි කණ්ඩායමට එක් වූ පිතිකරු සනත් ජයසූරිය දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 60 කින් ලකුණු 78 ක් රැුස්කිරීමට සමත් විය.

මීට අමතරව ආබාධයකට ලක්ව යළි කණ්ඩායමට එක්වූ අන්ජලෝ මැතිවුස් ලකුණු 81ක් හා ජීවන් මෙන්ඩිස් නොදැවී ලකුණු 99ක් රැස් කිරීමට ද සමත්විය.

පිළිතුරු වශයෙන් පන්දුවට පහරදුන් වුස්ටර්ෂයර් ප‍්‍රාන්ත පිලට සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 294 ක් පමණි.

ශ‍්‍රී ලංකාව 351/5

ජීවන් මෙන්ඩිස් නොදැවී 99, ඇන්ජලෝ මැතිවුස් 81, සනත් ජයසූරිය 78

සහීඞ් අජ්මාල් 3/42

වුස්ටර්ෂයර් 294

මොයීන් අලී 136, ජේම්ස් කැමරන් 65

ලසිත් මාලිංග 3/25, අජන්ත මෙන්ඩිස් 3/68


Copy by = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.