Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

ලෝ, බංගලාදේශයේ පුහුණුකරු තනතුරට

බංගලාදේශයේ මීළග ක‍්‍රිකට් පුහුණුකරු ලෙස ස්ටුවර්ට් ලෝ තෝරාගෙන ඇතැයි එරට කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ප‍්‍රකාශක ජලාල් යුනුස් පවසා ඇත.

ඒ.ඇෆ්.පී. පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ එලැඹෙන ජූලි 01දා සිට දෙවසරක කාලයක් සඳහා ලෝ, බංගලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති බවයි.
මේ අතර, බංගලාදේශයේ දෛනික පුවත්පතකට අදහස් දක්වමින් ලෝ පවසා ඇත්තේ නොවැම්බර් මාසයෙන් පසුව තවදුරටත් සිය සේවා අවශ්‍ය වන්නේද පිළිබඳව තමා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් අසා සිටි නමුත් ඔවුන් නිශ්චිත ලෙස පිළිතුරක් ලබා නොදුන් බවයි.

මේ හේතුවෙන් එංගලන්ත සංචාරයෙන් පසුව ශ‍්‍රී ලංකා පිලේ පුහුණුකරු ධූරයෙන් ඉවත් වන බව තමා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දන්වා සිටි බව ලෝ වැඩිදුරටත් පවසා ඇත.

තමා හට වැදගත්ම කරුණ වන්නේ රැකියාවේ ස්ථාවරත්වය බවද ඔහු පවසා ඇත.


Copy by = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.