Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

ස්ටයිරිස් ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගනියි

නවසීලන්තයේ තුන් ඉරියව් ක‍්‍රීඩක ස්කොට් ස්ටයිරිස් ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කරයි.

35 හැවිරිදි ස්ටයිරිස් 2008 වසරේදී ටෙස්ට් තරගවලින් සමුගත් නමුත් එක්දින ජාත්‍යන්තර තරග හා පන්දුවාර විස්සයි විස්ස තරග සඳහා සහභාගී විය.

එක්දින ජාත්‍යන්තර තරගවලදී වැඩිම ලකුණු ලබාගත් නවසීලන්ත පිතිකරුවන් අතුරින් සය වන ස්ථානයේ සිටින ස්ටයිරිස් එක්දින ජාත්‍යන්තර තරග 188 කදී ලකුණු 4483ක් ලබා ඇත.

සිය රට වෙනුවෙන් ක‍්‍රීඩාකරමින් බොහෝ ලෙස සතුටට පත් වූ බවත් ඉදිරියේදී සිය පවුලේ සාමාජිකයන් සමග කාලය ගත කිරීමට අපේක්‍ෂා කරන බවත් ස්ටයිරිස් පවසා ඇත.


Copy by = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.