Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

ඩී ආර් කොංගෝවේ කතුන් 170ක් දූෂණය කෙරේ

අප‍්‍රිකාවේ ඩී ආර් කොංගෝ රාජ්‍යයේ ෆිසී නගරය ආසන්න ප‍්‍රදේශයේ දී අවිගත් පිරිස් විසින් කාන්තාවන් 170ක් දූෂණය කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

මෙම ප‍්‍රදේශයේ පරීක්‍ෂණ පැවැත්වූ සහන සේවකයන් කලින් පවසා තිබුනේ ජුනි 10-12 අතර කාලයේදී පලා ගිය හමුදා සාමාජිකයන් විසින් ෆිසී නගරය ආසන්න ගම්වල කාන්තාවන් 60ක් පමණ දූෂණය කර තිබූ බවයි.

මෙම පිරිස් විසින් එහි තිබූ සෞඛ්‍ය මධ්‍යස්ථාන වල භාණ්ඩ තොග හා ගම් වැසියන්ට අයත් සතුන් ද සොරකම් කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

වසර 16ක් පුරා ඩී ආර් කොංගෝ රාජ්‍යයේ පවතින ප‍්‍රචණ්ඩකාරී වාතාවරණය හමුවේ එරට තරුණියන් ඇතුළු කතුන් දහස්ගණනක් දූෂණය කර වී ඇති බව විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කරයි.


Copy by = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.