Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

පෞද්ගලික බස්රථ තුළ නිරීක්‍ෂණ කැමරා

පෞද්ගලික බස්රථ මඟින් ජනතාවට හොඳ සේවාවක් ලබාදීමේ අරමුණින් එම බස්රථ තුල නිරීක්‍ෂණ කැමරා සවි කිරීමට යයි.

අක‍්‍රමිකතා සිදුකරන සහ අසංවරව හැසිරෙන බස් සේවකයින්ට එරෙහිව පියවර ගැනීමට ඉන් ඉඩ සැලසෙන බව පෞද්ගලික බස් සේවා අමාත්‍ය සීබී රත්නායක පවසා ඇත.

මාර්ග නීති කඩ කිරීම, අධික ලෙස මගීන් පැටවීම, කාන්තාවන්ට හිරිහැර සිදුවීම වැනි අකටයුතුකම් වැලැක්වීම එමඟින් සිදුවන බවද ඇමතිවරයා කියා තිබේ.

දේශපාලන ප‍්‍රචාරක කටයුතු සඳහා බස්රථ තුළ අලවා ඇති ස්ටිකර් වැනි දේ ඉවත් කරන ලෙසට ද පෞද්ගලික බස්රථවලට නියෝග කොට ඇතැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.


Copy by = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.