Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

එස්.බී. සරසවිවලි 'කඩුව’ පොලිෂ් කරන්න යය

තවත් තෙවසරකින් පසුව මෙරට සරසවිවල  සිංහල සහ දෙමළ භාෂාවලින් පාඨමාලා ඉගැන්වීම් සම්පූර්ණයෙන්ම නවතා දමා එම පාඨමාලා ඉංගී‍්‍රසි භාෂාවෙන් ඉගැන්වීමට කටයුතු යොදන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා කියයි.

තිසාවැව යුද හමුදා ඉංජිනේරු සේවා මුලස්ථානයේදී සරසවි සිසුන්ට නායකත්ව පුහුණුව ලබාදෙන ආකාරය නිරීක්‍ෂණය කිරීමට   ඊයේ (27) එහි ගිය අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඉංගි‍්‍රසි භාෂාව මෙරට සිසු පරපුර අතර ප‍්‍රචලිත කිරීමට ඉංගි‍්‍රසි භාෂා මාධ්‍ය ගුරුවරුන් 30,000 ක් තවත් අවශ්‍ය බවද ඔහු කීය.

එසේම ලෝකය දියුණු වෙමින් පවතින බවත්, ජාත්‍යන්තර භාෂාවක් ලෙස ඉංගී‍්‍රසි අධ්‍යපානය සරසවි සිසුන්ට නොලැබුණහොත් අනෙක් රටවල් අතර අපේ රට අතරමං වන බවද අමාත්‍යවරයා පැවසීය.


Copy by = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.