Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

ආණ්ඩුව උපාධිය විකුණන බවට එජාපයෙන් චෝදනා

මෙරට දරු දැරියන් විශාල පිරිසක් උපාධි අපේක්ෂාවෙන් සිටියදි විදේශීය සිසුන්ට මෙරට විශ්වවිද්‍යාල තුළට ඇතුළුවීෙම් අවස්ථා පුළුල් කිරීමට කටයුතු කිරීමෙන් ආණ්ඩුව සිදුකර ඇත්තේ උපාධිය මුදලට විකිණීමක් බවට එක්සත් ජාතික පක්‍ෂය චෝදනා කරයි.

කොළඹදී අද (28) පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර  තිස්ස අත්තනායක මහතා ෙම් බව පැවසීය.

මෙරට ජාතික විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුළත් විය හැකි සිසු පිරිස ප‍්‍රමාණාත්මකව කප්පාදු කරමින් ආණ්ඩුව මෙම පියවර ගෙන ඇතැයි ද ඔහු කීය.

ලබන වසරේ සිට විදේශිය සිසු සිසුවියන් දහසකට මෙරට ජාතික විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට මුදල් අය කර අවස්ථාව ලබාදෙන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළ බවද අත්තනායක මහතා හෙළි කළේය.

වසරකට උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් 150,000 ක පිරිසකගෙන් උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන්නේ 50,000-55,000 ක අතර පිරිසක් බවත්, ඉන් සරසවි වරම් හිමිවන්නේ 22,000ත් 25,000ත් අතර පිරිසක් බවත් අත්තනායක මහතා පෙන්වාදුන්නේය.

ඒ අනුව විදේශීය සිසුන් දහසකට මෙරට සරසවිවලට ඇතුළු වීමට අවස්ථාව ලබාදීම යනු මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ගෙන් 5‍% ට එකී අධ්‍යාපන අයිතිය අහිමිකිරීමක් බව මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් නොලැබූවද බාහිර උපාධි සඳහා ලියාපදිංචි වීම තුළින් උපාධියක් ලබාගැනීමට මෙරට සිසුන්ට තිබූ අයිතියද මේවන විට අහිමිවී ඇතැයිද  ඒ මහතා කීය.

විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝග පරිදි මේවන විට බාහිර උපාධි සඳහා සිසුන් ලියාපදිංචි කිරීම අත්හිටුවා ඇති බවද අත්තනායක මහතා කියා සිටියේය.

මේවන විට මෙරට වෛද්‍ය උපාධියක් සඳහා ලක්ෂ 65 ක්ද, නීති උපාධියක් සඳහා ලක්ෂ 24 ක්ද, කළමනාකරණ උපාධියක් සඳහා ලක්ෂ 20 ක්ද, ඉංජිනේරු උපාධිය සඳහා ලක්ෂ 32 ක්ද වශයෙන් මිල නියම කර ඇතැයි ද අත්තනායක මහතා පෙන්වා දුන්නේය.


Copy by = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.