Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

වතුර නැතිව කුඹුරු ගිනි තබයි

මාතලේ දිස්ති‍්‍රක්කයේ විල්ගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප‍්‍රදේශ රැසක ගොවීන් ජලය නොමැතිකමින් සිය කුඹුරු ගිනි තැබීමේ පුවතක්  වාර්තා වේ. මෙම ප‍්‍රදේශයේ වගා කිරීම සඳහා වතුර ලබා දෙන  මිණිපේ යෝධ ඇළ ව්‍යාපාරයෙන් වතුර නොලැබීම නිසා පීදෙන්නට තුබූ ගොයම මැරී යාමෙන් ගොවීහු කුඹුරු ගිනි තබා ඇත.

මෙසේ කුඹුරු ගිනි තැබීමට ලක්ව ඇත්තේ හඳුන්ගමුව - කුඹුක්ඔය, වස්ගමුව, ඞී - පහ ඇල, ඩි -හතර ඇල ප‍්‍රදේශවල කුඹුරු අක්කර 10ක පමණය.

මේ වනවිට ජලය නොමැති වීම හේතුවෙන් හඳුන්ගමුව හා පලූපිටියේ ප‍්‍රදේශයේ තවත් කුඹුරු අක්කර 1500 ක පමණ විනාශ වීමේ තර්ජනයකට ලක්ව ඇතැයි ගොවීහු පවසති.


Copy by = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.