Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

ෆොන්සේකාගේ පෙත්සම ජූලි 05ට කල් යයි

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හමුදා සේවයේ සිටියදී දේශපාලන පක්ෂ සමග සබඳතා පැවැත්වූයේ යැයි තීරණය කරමින් පළමු යුද අධිකරණය ඒ මහතාගේ නිලතල ඉවත් කිරීමට එරෙහිව  ගොනු කළ පෙත්සම රෝහිණී මාරසිංහ විනිසුරුවරිය හමුවේ අද (28) අභියාචනාධිකරණයේදී කැඳවනු ලැබීය.

මෙම පෙත්සමේ  වගඋත්තරකරුවන් ලෙස වත්මන් හමුදාපතිවරයා, පළමු යුද අධිකරණයේ විනිසුරුවරුන්, විනිසුරු අධිනීතිඥවරයා හා නීතිපතිවරයා නම්කර තිබේ.

සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් පළමු යුද අධිකරණය දුන් තීන්දුව නීති විරෝධි, ස්වභාවික යුක්තියට පටහැනි සහ ද්වේශ සහගත එකක් පෙත්සම මගින් පෙන්වාදී ඇත.

යුද අධිකරණයේ තීන්දුව සර්ෂියෝරාරි රිට් ආඥාවක් මගින් අහෝසි කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා සිටී.

පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් ඉදිරිපත් කර තිබූ විරෝධතාවට සරත් ෆොන්සේකා මහතා අද ප‍්‍රතිවිරෝධතාවක් ගොනු කළේය.

පෙත්සම යළි කැඳවීම ජුලි 05 වැනි දිනට කල් තැබිණි.


Copy by = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.