Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

පාර්ලිමේන්තුව හරහා එන දේශපාලන විසඳුමකට සූදානම් බව ජනපති කියය

පාර්ලිමේන්තුව හරහා පැමිණෙන දේශපාලන විසඳුමකට තමා සූදානම් බවත්, ඒ සඳහා ඉන්දියාවේ කිසිදු බලපෑමක් නැතැයි ද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කියයි.

රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ  අද (28) පෙරවරුවේ මාධ්‍ය ප‍්‍රධානීන් හමුවූ අවස්ථාවේදීය.

මෙවන විට පාර්ලිමේන්තුව තුළ බලය බෙදීමක් සඳහා අවශ්‍ය දේශපාලන විසඳුමක් සකස් කිරීමට කමිටු පත්කර අතැයි ද රාජපක්‍ෂ මහතා අවධාරණය කළේය.

මෙහිදී මාධ්‍ය ප‍්‍රධානීන් තිස්ස විතාරණ කමිටු වාර්තාව ප‍්‍රතික්ෂේප කිරීමට හේතුව විමසා සිටි අතර, එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ වික්‍ෂය එම කමිටුවෙන් ඉවත්වීම නිසා එය අකි‍්‍රයවූ බවය.

මානනුෂීය මෙහෙයුම සම්බන්ධ තොරතුරු ජාත්‍යනතරයට හෙළි කිරීමට වාර්තා දෙකක් ආණ්ඩුව මේ දිනවල සකස් කරමින් සිටින බවත්ල රාජපක්‍ෂ මහතා හෙළි කළේය.

මේ අතර නව පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන්ද මාධ්‍ය ප‍්‍රධානීන් ජනපතිවරයාගෙන් ප‍්‍රශ්නකර ඇති අතර, නව පොලිස්පතිවරයාගේ පත් කිරීමට කැබිනට් අනුමැතියට යවා ඇතැයි ඒ මහතා පැවසීය.

කෙසේවුවද ජනාධිපතිවරයා මීළග පොලිස්පතිවරයා කවුරුන්ද යන්න හෙළි නොකළේය. 


Copy by = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.