Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

පොදුරද මණ්ඩලීය කී‍්‍රඩා උළෙල ගැන ජනමත විමසුම සැකය

වසර 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල හම්බන්තොටදී පැවැත්වීම සඳහා ශී‍්‍ර ලාංකික ජනතාවගෙන් අතිමහත් බහුතරයක් සහාය පළකොට ඇතැයි වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හා ආර්ථික විද්‍යාඥ ආචාර්ය හර්ෂ ද සිල්වා සැක පහළ කරයි.

නීල්සන් පර්යේෂණ ආයතනය පැවැත්වූ මහජන මත විමසුමක් පදනම් කොටගෙන රජය ඒ බව පවසන්නේ යැයි ආචාර්ය ද සිල්වා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම කී‍්‍රඩා උළෙල හම්බන්තොටදී පැවැත්වීමට ජනතාවගෙන් සියයට 87ක් සහාය පළ කරන බවත් ඔවුන්ගෙන් සියයට 63ක් සම්පූර්ණයෙන්ම ඊට සහාය දක්වන බවත් එහි දැක්වේ.

එහිදී ඔවුන්ගෙන් අසා ඇත්තේ, 2018 පොදුරද කී‍්‍රඩා උළෙල හම්බන්තොටදී පැවැත්වීමට සහාය පළ කරනවාද නැද්ද යන්න පමණක් බව මන්තී‍්‍රවරයා පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, එම කී‍්‍රඩා උළෙල පැවැත්වීම සඳහා අවම වශයෙන් රු. බිලියන 440ක්, නැතිනම් වාර්ෂික රාජ්‍ය ආදායමෙන් අඩුම වශයෙන් අඩක් ඊට වැය වන බව ජනතාව දන්නේ නම් එම මත විමසුමේ ප‍්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වෙනස් වන බව ඔහු අවධාරණය කර සිටී.

පොදුරද මණ්ඩලීය කී‍්‍රඩා උළෙල පමණක් නොව ඔලිම්පික් කී‍්‍රඩා උළෙල ද ශී‍්‍ර ලංකාවේ පැවැත්වීමට කිසිවෙකු හෝ එරෙහි නොවන නමුත්, එවැනි අතිවිශාල වියදමක් දැරීමට මේ මොහොතේ රටට හැකියාවක් නොමැති බව ආචාර්ය ද සිල්වා කියා සිටී.

අතිවිශාල වියදමක් දරා පොදුරද මණ්ඩලීය කී‍්‍රඩා පැවැත්වීමට වඩා ප‍්‍රමුඛත්වය ලබාදිය යුතු ගැටළු විශාල සංඛ්‍යාවක් රටෙහි පවතින බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම, තමන් හා තවත් අයෙකු එක්ව 1990 දශකයේ මැද භාගයේදී පිහිටවූ නීල්සන් පර්යේෂණ ආයතනයේ විශ්වාසනීයත්වය මෙවැනි ආකාරයේ මත විමසුමක් නිසා ප‍්‍රශ්න කිරීමට ලක්වීම පිළිබඳව ආචාර්ය ද සිල්වා කණස්සල්ල පළ කොට සිටී.


Copy by = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.