Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

ලංකාව ගැන විශේෂ තීරණ නැහැ - ඉන්දීය අගමැත

ශ‍්‍රී ලංකාව පිළිබඳව හදිසි හෝ විශේෂ තීරණ ගැනීමක් සිදු නොකරන බව ඉන්දීය අගමැති මන්මෝහන් සිං කියා සිටී.

අද (ජූනි 29) නවදිල්ලියේදී මාධ්‍යවේදීන් අමතමින් ඉන්දීය අග‍්‍රමාත්‍යවරයා ඒ බව සඳහන් කොට ඇත.

දිවයිනේ දෙමළ ජනතාවගේ ගැටළු හා පවත්නා දේශපාලන තත්ත්වය පිළිබඳව දිගටම තම අවධානය යොමුවන බවද සිං මහතා පවසා තිබේ.

කලාපයේ අසල්වැසි රාජ්‍යයන් වන පකිස්තානය, බංග්ලාදේශය හා චීනය වැනි රටවල් සම්බන්ධයෙන් පවතින ඉන්දීය ප‍්‍රතිපත්ති ලංකාවට ද අදාළ වන බව ඔහු වැඩිදුරටත් කියා ඇත.


Copy by = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.