Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

ලසන්තගේ ඝාතනය ගැන පරීක්‍ෂණ නව මුහුණුවරකින්

ද සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතන නඩුව සම්බන්ධ පරීක්‍ෂණ නව මුහුණුවරකින් පවත්වන බව ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය අද (29) කොළඹ මහාධිකරණයට දන්වා සිටියේය.

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති  ප‍්‍රසන්න අල්විස් මහතා කොලඹ මහාධිකරණ විනිසුරු පත්මන් සූරසේන මහතා හමුවේ මේ බව දන්වා සිටියේය.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් පුද්ගල සාක්‍ෂි නොමැති බව පැවසූ, අල්විස් මහතා මෙම ඝාතනය සම්බන්ධයෙන් විද්‍යාව හා තාක්‍ෂණික කරුණු ඔස්සේ පරීක්‍ෂණ පවත්වා සාක්‍ෂි සොයාගතයුතු බවද අද අධිකරණයට දැන්වීය. ඒ සදහා කල්ගත විය හැකි බවද ඔහු පෙන්වාදුන්නේය.

මෙම ඝාතනය සම්බන්ධ කරුණු වසන් කිරීම යන චෝදනාව මත දැනට අත්අඩංගුවේ පසුවන යුදහමුදා බුද්ධි අංශ සාමාජික කන්දේගෙදර පි‍්‍රයවංශ නැමැති සැකකරුට ඇප ලබාදෙන ලෙස මහාධිකරණයේ ගොනුකර තිබූ පෙත්සමක් අද සලකා බැලූ අවස්ථාවේදී මෙම කරුණු හෙළි විය.

කෙසේවුවද සැකකරුට ඇප ලබාදීමට ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප‍්‍රසන්න අල්විස් හා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ සුදර්ශන පෙරේරා යන මහත්වරුන් විරුද්ධත්වය ප‍්‍රකාශකළ අතර, එය සලකා බැලූ විනිසුරුවරයා සැකකරුගේ ඇප අයැදුම්පත‍්‍රය ප‍්‍රතික්ශේප කළේය.

මෙම පෙත්සම ලබන ජූලි 11 වැනිදා යළි කැඳවීමට විනිසුරුවරයා නියෝග කළේය.



Copy by = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.