Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

‘අයි.සී.සී.යේ මහපුටුව තේරීමේ ක‍්‍රමය නිශේධ කරනවා’

ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ සභාපති ධූරය වෙනස් කිරීම සඳහා යෝජිත ප‍්‍රථිපත්තිය නිෂේධ කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ඩී එස් සිල්වා මහතා පවසයි.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ මෙම යෝජිත ප‍්‍රතිපත්තිය සම්බන්ධව ඡන්ද විමසීමක් සිදු කළහොත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විසින් එය නිෂේධ කරන බවයි.

ලබන මාසයේදී ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකා ප‍්‍රමුඛ ලීග් තරගාවලිය සඳහා ඉන්දීය ක‍්‍රීඩකයන් සහභාගී නොකිරීමට ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය විසින් පසුගියදා ගනු ලබන තිරණය, මෙම තීරණය හා කිසිඳු සම්බන්ධයක් නොමැති බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මේ දින වලදී ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුව හොංකොං හි පැවැත්වෙන අතර, එහි අද (29) පැවැත්වෙන සැසිවාරයේදී මෙම ප‍්‍රථිපත්තිය සාකච්ඡාවට ගැනීමට නියමිතය.


Copy by = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.