Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

මොන නැගුම තිබුණත් කුරාතොට නැගුම ප‍්‍රමාදය

හොරණ කළුතර මාර්ගයේ මිල්ලනිය, මාපාන, බොරලැස්ස, වටගොඩ හා ඌරාගොඩ යන ප‍්‍රදේශ හරහා දිවෙන මාර්ගයේ පිහිටි කුරාතොට පාලම ඉතා අබලන්ව තිබේ.

අදාළ පාලම මෙසේ අබලන්වී වසර හතරකට වැඩි කාලයක් ගතවී ඇතත් එය පිළිසකර කිරීමට කිසිවෙකුගේ අවධානය යොමුව නැතැයි ද පැවසේ.

මෙම පාලම මේවන විට යකඩ තහඩු දෙකක් යොදා යන්තම් පිළිසකර කර ඇත්තේ ඉතා අවදානම් ආකාරයෙන් බවද වාර්තා වේ.

දිනපතා රථ වාහන විශාල ප‍්‍රමාණයක් හා පාසල් දරුවන් ඇතුළුව ඉතා විශාල මහජනතාවක් ද මෙම පාලම පරිහණයකරන බවත් ප‍්‍රදේශවාසිහු පවසති.

කුරාතොට පාලමට මදක් නුදුරින් ඉදිවන අධිවේගී මාර්ගයට යොමු කර ඇති අවධානයෙන් අංශූවක අවධානයක් මීට යොමුවූයේ නම් මෙය අළුත්වැඩියා කිරීමට හැකියාව තිබූ බවට ද ප‍්‍රදේශවාසීන් චෝදනා කරයි.

කළුතර දිස්ත‍්‍රික්කයේ කැබිනට් ඇමතිවරුන් සිවුදෙනෙකු හා නියෝජ්‍ය ඇමතිවරු දෙදෙනෙක් සිටියද මේ පාලම පිළිබඳව කිසිවෙකුගේ අවධානය යොමුව නැතැයිද ප‍්‍රදේශවාසිහු මැසිවිලි නගති.

මීට අමතරව මෙම පාලම අයත්වන බණ්ඩාරගම ආසනය නියෝජනය කරනූ ලබන පළාත් සභා මන්ත‍්‍රීවරු තිදෙනෙකු සිටින බව ද පැවසේ


Copy by = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.