Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

එජාප විරෝධතාවට පොරොන්දු වූ පරිදි මුතුහෙට්ටිගම නෑ

එක්සත් ජාතික පක්‍ෂය අද (ජූලි 01) ඇල්පිටිය නගරයේදී පැය තුනකට අධික කාලයක් ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක් පැවැත්වීය.

එනමුත්, පොරොන්දු වූ පරිදි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම එම ස්ථානයට නොපැමිණියේය.

විශාල ජනකායක් සහභාගී වූ එම විරෝධතාව හේතුවෙන් නගරයේ මාර්ගවල දැඩි වාහන තදබදයක් පැවතිණ.

එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ගයන්ත කරුණාතිලක හා මංගල සමරවීර මෙම විරෝධතාව මෙහෙයවූහ.

රටේ නීතිය වල්වැදීම හා අධික ජීවන බර සම්බන්ධයෙන් එහිදී ආණ්ඩුවට දැඩි විවේචන එල්ල විය.

හැකිනම් ගාල්ලේ විරෝධතාවක් පවත්වන ලෙසට මුතුහෙට්ටිගම මහතා පසුගියදා එජාපයට අභියෝග කළේය.

එමෙන්ම, අද පැවති උද්ඝෝෂණයට පොලිසිය නොයොදවන ලෙසට ඔහු ඉල්ලා තිබිණ.


Copy by = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.