Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

පෙරකදෝරු වලියක් සමථ මණ්ඩලයට

කොළඹ අළුත්කඬේ රථවාහන මහේස්ත‍්‍රාත් අධිකරණයේදී නීතීඥයකුට කනටපහරදී සීරීම් තුවාල සිදුකළ බවට කෙසෙල්වත්ත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි එම අධිකරණයේම නීතිඥයකු රුපියල් 75,000ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංශ්මි සිංගප්පුලි මහතා අද (01) නියෝග කළේය.

මෙම පැමිණිල්ල කර තිබුනේ නීතීඥ චන්‍ද්‍රා ජයසේන මහතා විසිනි.

සැකකරු වුයේ නීතීඥ වෙල්ල විදානලාගේ තේජෝ කීර්ති විදානගමගේ මහතායග

මේ නඩුව අද කැඳවූ අවස්ථාවේදී කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට දන්වා සිටියේ සේවාදායකයකුට සේවය සැපයීමට මොවුන් දෙදෙනාම ඉදිරිපත්වී ඇති බවත් එම අවස්ථාවේදී මේ ගැටුම ඇතිවී ඇති බවයි.

විදානගමගේ මහතා විසින් තමාගේ ටයි පටියෙන් ඇද මුහුණේ දකුණු පසට පහරක් එල්ල කළ බවත්ල පසුව නැවත වරක් ටයිපටියෙන් ඇද තමා තල්ලූ කළ බවත්ල ඒ අවස්ථාවේදී තමා අසලවූ පඩිපෙළකින් බිමට ඇද වැටී සීරීම් තුවාලවූ බවත් චන්‍ද්‍රා ජයසේන මහතා විසින් සිය පැමිණිල්ලේ දක්වා තිබේ.

පසුව මෙම නඩුව සමත මණ්ඩලයට යොමුකර නිරාකරණය කරගන්නා ලෙසද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

මේ නඩුව ලබන ජූලි 25 වැනිදා යළි කැඳවීමට නියමිතය.


NEWS SOURCES = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.