Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

තංගල්ල ප‍්‍රා. සභාපතිට වෙඩි ප‍්‍රහාරයක්

විතාරන්දෙණිය, හේනගම ප‍්‍රදේශයේදී තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ මහතා ගමන් ගත් මොටර් රථයට  අද (01) අලූයම වෙඩි ප‍්‍රහාරයක් එල්ලකර තිබේ.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි ප‍්‍රහාරය එල්ලකර ඇති අතර, සිද්ධියෙන් සභාපතිවරයා දිවි ගලවාගෙන ඇත.

මෙම වෙඩි ප‍්‍රහාරයෙන් එම රථයේ ගමන් ගත් කිසිවෙකුට අනතුරක් සිදුවී නොමැති අතර, මෝටර් රථයට වෙඩි පහර කිහිපයක් එල්ල වි ඇතැයි ද පැවසේ.

අදාළ වෙඩිතැබීමට හේතුව කුමක්ද යන්න අපහැදිළි බවද පොලිසිය පැවසීය.


NEWS SOURCES = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.