Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

සැමියාගේ ගබ්සා පෙති වැරදී කතක් රෝහලේ

පාකිස්තානු ජාතික සැමියා විසින් ලබාදුන් පෙති වර්ගයක් පානය කිරීමෙන් පසුව ගබ්සාවකට ලක්වූ කාන්තාවක් රෝහල්ගත කිරීමේ සිද්ධියක් පෝද්දල පොලිසියෙන් වාර්තා වේ.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ 37 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය ගාල්ල, හපුගල ප‍්‍රදේශයේ පදිංචිකාරියකි.

සැමියා විසින් මෙම කතට පෙති ලබාදී ඇත්තේ ගබ්සාවක් කිරීමට බවත්, එම පෙති පානය කිරීමෙන් පසුව රුධිරය වහනයවීම වළක්වා ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඇය රෝහල්ගත කර ඇතැයි පොලිසිය කළ මූලික පරීක්‍ෂණ වලින් හෙළිවී තිබේ.

සිද්ධියට මුහුණදුන් කාන්තාවට දරුවන් සය දෙනෙකු සිටින අතර බාලම දරුවාගේ වයස මාස නමයක් බව පැවසේ.

පසුගිය දිනවල ඇය නැවත ගැබ් ගැනීම හේතුවෙන් පාකිස්තානු ජාතික සැමියා විසින් මෙම පෙති ලබාදී තිබේ.

මෙම කාන්තාව පාකිස්තානු සැමියා සමඟ පාකිස්තානයේ පදිංචිව සිට මෑතකදී ලංකාවට පැමිණ ඇත.


NEWS SOURCES = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.