Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

තෙල් ලේකම්ගේ ඉවත්වීම ජනපති ලේකම්ට දන්වා නෑ

ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස සිටි ටයිටස් ජයවර්ධන මහතා විශ‍්‍රාම පූර්ව නිවාඩු ඉල්ලා තමන් වෙත මෙතෙක් දැනුම්දීමක් සිදුකර නොමැති බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා කියයි.

ටයිටස් ජයවර්ධන මහතාගේ ඉවත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු මේ බව පවසා තිබේ.

කෙසේවවුද අද (06) එවැනි දැනුම්දීමේ ලිපියක් ලැබීමට ඉඩ ඇතැයි ද ඔහු සඳහන් කර ඇත.

ප‍්‍රමිතියෙන් තොර පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 20,000 ක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් ටයිටස් මහතාද චෝදනා ලැබූවෙකු බවද වීරතුංග මහතා අනාවරණය කර තිබේ.

ටයිටස් ජයවර්ධන මහතා ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධූරයෙන් ඉවත්වීමෙන් පසුව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත මාරු කිරීමට නියමිත බවට පලවන වාර්තාවල සත්‍යතාවයක් නැතැයිවීරතුංග මහතා සඳහන් කර ඇත.


NEWS SOURCES = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.