Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

විපක්ෂ නායකවරයා ජගත් මහ ලේකම් හමුවේ

ඇමරිකාවේ සංචාරයක නිරත විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (05) නිව්යෝක් හි ජගත් සංවිධාන මූලස්ථානයේදී ජගත් සංවිධාන මහ ලේකම් බෑන් කී මූන් මහතා හමු වී තිබෙන බව විපක්ෂ නායකවරයාගේ පෞද්ගලික  ලේකම් සුගත් චන්ද්‍රසේකර මහතා ශ්‍රී ලංකා මිරර් වෙත පැවසිය.

එහිදී ශී‍්‍ර ලංකාවේ වත්මන් තත්ත්වය සහ යුද්ධයෙන් පසු මෙරට කටයුතු සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ජගත් මහ ලේකම්වරයාව දැනුවත් කර ඇත.

එමෙන්ම, දෙමල ජනතාවට ලබාදෙන පොදු දේශපාලන විසඳුම සම්බන්ධයෙන් සිදුකෙරෙන සාකච්ජා පිළිබඳවද විපක්ෂ නායකවරයා මහ ලේකම්වරයාව දැනුවත් කර ඇති බව සුගත් චන්ද්‍රසේකර මහතා සඳහන් කළේය.

පොදු දේශපාලන විසඳුමක් ලබාගැනීම සඳහා විපක්ෂයේ පක්ෂ අතර, සිදුකෙරෙන සාකච්ජා සහ පාර්ලිමේන්තුව තුළ ඒ සම්බන්ධයෙන් ගැනීමට සූදානම් වන පියවර සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ජා කර තිබේ.

ඊට අමතරව යුද්ධයෙන් පසු නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන්ද, චැනල් ෆෝ වීඩියෝ පටය සහ දරුස්මාන් වාර්තාව සම්බන්ධයෙන්ද දෙදෙනා අතර කරුණු හුවමාරු කරගෙන ඇත.


NEWS SOURCES = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.