Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

පොලිසිය එපාවී කහවත්තේ වැසියෝ වීදි බසිති

රත්නපුර කහවත්ත ප‍්‍රදේශවාසීන් තම ප‍්‍රදේශයේ ආරක්‍ෂාවට පොලිසිය ඉවත්කර හමුදාව යොදවන්නැයි ඉල්ලා අද (05) කහවත්ත නගර මධ්‍යයයේ විරෝධතාවයක නිරත විය.

පසුගිය කාලයේදී කහවත්ත ප‍්‍රදේශයේ කාන්තාවන් 7 දෙනෙකු ඝාතනයවී ඇතත් එම ඝාතන සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකිවීමෙන් ඔවුන්ගේ නොහැකියාව ප‍්‍රදර්ශනය කර ඇතැයිප‍්‍රදේශවාසීහු චෝදනා කරති.

අදාළ තත්ත්වය හේතුවෙන් භීතිය පැතිරී ඇති බවත්, මේ සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය නොදැනීම සම්බන්ධයෙන්ද කනගාටු වන බවද ඔවුන් පැවසීය.

මෙම විරෝධතාවයට 2,000 ක පමණ ජනතාවක් එක්ව සිටි බවද පැවසේ.


NEWS SOURCES = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.