Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

ගෝල්ඩ් කෝස්ට් තරගකාරී මට්ටමින් ඉදිරියට එයි

2018 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සත්කාරකත්වය සඳහා ඕස්ට්‍රේලියාවේ කුයින්ස්ලන්ත ප්‍රාන්තයේ ගෝල්ඩ් කෝස්ට් නගරය තරගකාරී මට්ටමින් ඉදිරියට පැමිණ තිබේ.

ගෝල්ඩ් කෝස්ට් නගරයේ ලන්සුව සතුටු දායක බව අදාළ තත්ත්ව සමීක්ෂණ කමිටුවේ ප්‍රධානී ලුවිස් මාර්ටින් ප්‍රකාශ කර ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ හම්බන්තොට නගරය ද ඉදිරිපත් කර ඇත.

එම ඉල්ලීම සහ යෝජනා පිළිබඳ සමීක්ෂණ කටයුතු සඳහා මාර්ටින් ලුවිස්ගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට ද සැලසුම් කර ඇත.

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා මහසමුළුවේ දී ලබන නොවැම්බර් මාසයේ දී තරගාවලිය පැවැත්වෙන රට පිළිබඳව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.


 

 


Copy by = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.